බංග්ලාදේශ පිල 17 වැනිදා වැඩ අල්ලයි

0
86
බංග්ලාදේශ පිල 17 වැනිදා වැඩ අල්ලයි

බංග්ලාදේශ පිල 17 වැනිදා වැඩ අල්ලයි


ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සිය පළමු සහ ඒකම පුහුණු තරගය සඳහා ලබන 17 වැනිදා සහභාගිවනු ඇත. දෙදින තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය කටුනායක හලාවත මේරියන්ස් ක්‍ර්‍රීඩාංගණයේදී පැවැත්වේ.

විශේෂ ගුවන් යානයක් මගින් අප්‍රේල් 12 වැනි දින දිවයිනට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම දින කීපයක් නවාතැන් ගෙන සිටින හෝටලයේදී දින කීපයක් නීරෝධායනය වීමෙන් පසු මෙම තරගයට සහභාගිවනු ලබන අතර ඊට පසුව මහනුවර බලා පිටත්ව යෑමට නියමිතය.

මොමිනුල් හක්ගේ නායකත්වයෙන් යුතුව මෙරටට පැමිණ සිටින බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම තරගාවලිය මීට පෙර ඉකුත් 2020 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාස වලදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ නමුත්, කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය. තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 ම මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය අප්‍රේල් 29 වැනිදා සිට මැයි 03 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.


බංග්ලාදේශ පිල 17 වැනිදා වැඩ අල්ලයි

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL